Connect with us

පුවත්

පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට

Published

on

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවය.

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නුගේගොඩ ප්‍රදේශයේ රත්‍රන් ව්‍යාපාරිකයෙකු සමඟ සිදු කළ හවුල් ව්‍යාපාරයකදී ඇතිවූ මුදල් ආරාවුලක් විසඳීමට අපරාධ කොට්ඨාසය තමන්ව අත්අඩංගුවට ගෙන තම දේපල හා මුදල් නුගේගොඩ ව්‍යාපාරිකයාට ලබා දෙන්නැයි බලපෑම් කළ බවට රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පසුගිය 2023 වසරේ මැයි මාසයේ දිනකදී නුගේගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිල්ලක් සිදුකර තිබුනේ හවුල් ව්‍යාපාරයක් ලෙස මැණික් පතලක් කිරීමට යැයි කියමින් තම මිතුරෙකු තමාගෙන් රුපියල් කෝටි 23ක මුදලක් ලබාගෙන වංචා කර ඇති බවටය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගත් අතර ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණය ට කරුණු වාර්තා කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශනය කර කුරුවිට ප්‍රදේශයේදී සැකකරු සිය බාරයට ගෙන තිබුණි.

මෙම සැකකරු විසින් තමන් මුදල් ලබාගත් බවත් ඒ මුදල් වලින් කොටසක් වැය වූ බවත් කියමින් රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ගලක් බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර ඇති බවත් එම මුදලින් ණය මුදල පියවන බවත් අවධාරණය කර තිබුණි.

කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සදහා පැමිණිලිකාර ව්‍යාපාරිකයාද ගෙන්වා තිබුණු අතර එහිදී දෙදෙනාම මෙම ගනුදෙනුව බේරාගැනීමට එකග වි තිබේ.

එසේම නීතිඥවරයෙකු හමුවට ගොස් ගිවිසුමක් අත්සන් කරමින් තම ගනුදෙනුව බේරාගැනීමට දෙපාර්ශවයම එකගතාවකට පැමිණෙන බවද ප්‍රකාශ කර තිබේ.

එසේම චූදිත පුද්ගලයා විසින් තමන් ලබාගත් වෑන් රථයද පැමිණිලිකරුට ලබාදී ඇති බවත් ඉතිරි මුදල් ක්‍රමානුකුලව ලබාදීමටත් එකගතාවක් ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වේ.

පැමිණිලිකරු හා වගඋත්තකරකරු එකගතාවකට පැමිණ ඇති හෙයින් අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමක් නොකිරීමට තීරණය කළ කොළඹ අපරාධ කොට්ඨාසය එම පැමිණිලි විභාගයද අවසන් කර තිබේ.

පසුකාලයේදී වගඋත්තරකාර පුද්ගලයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලදාරීන් තමන්ට මුදල් අත්පත් කරදීමට බලකල බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් ගොනුකර ඇති අතර එහි පිටපතක් පොලිස්පතිවරයාටද යොමුකර ඇත.

සහකාර පොලිස් අධීකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved