Connect with us

පුවත්

පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගේ තටු කපයි!

Published

on

වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.

වැඩබල පොලිස්පතිවරයා පොලිස් කොමිෂන් සභාවේ බලතල සහ ස්ථානමාරු ප්‍රතිපත්තියේ විවිධිධාන උල්ලංගණය කර ඇති හෙයින් එම තීරණය ගත් බව ද පොලිස් කොමිෂන් සභාව කියා සිටී.

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉකුත් 25 වැනිදා ස්ථානමාරු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් නොකර බවද මේවන විට හෙළිව තිබේ.

අදාළ සිද්ධිය රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකර ඇති බවත් එම නිසා වැඩබලන පොලිස්පතිවරයාට දී තිබූ බලය ඉවත්කළ බව පොලිස් කොමිසම සඳහන් කරයි.

මේ අතර බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථානමාරුව වාහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ද පොලිස් කොමිෂන් සභාව කියා සිටී.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂි අවශ්‍යතාවකක් උද්ගතවූ විට ඔහු ඉවත්කර සුදුසු නිලධාරීයකු පත්කර ඒ පිළිබඳව පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා තිබුණි. 

එහෙත් වැඩබලන පොලිස්පතිවරයා එම ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද ස්ථානය මාරු ප්‍රතිපත්තිය ද උල්ලංඝණය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව කියයි.  

තව දුරටත් පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට අවකාශ සළකාදීම තුළින් මහත් ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් පොදු තීරණය අවලංගු කිරීමට ඒකමතිකව තීරණය කළ බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩි දුරටත් කියා සිටී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved