Connect with us

පුවත්

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

Published

on

පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් වෙත වට්ස්ඇප් සමූහයක් ඔස්සේ යොමු කළ බව කියන පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික දුරකථනය යොදාගෙන CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා පොලිසියේ රාහස්‍යභාවය ආරක්ෂා නොකරමින් පොලිස් නිලධාරීන් පමණක් දැන ගත යුතු කරුණු පිටස්තර පුද්ගලයන් දැනුවත් වෙන අයුරින් කටයුතු කරමින් වගකීමකින් තොරව, විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම වැඩ තහනම සිදුකර තිබේ.

පුවත්

“චතුරංගගේ සියලු අපල දුරුවේවා”  (වීඩියෝ)

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින්  තොරණක් සඳහා ආධාර පුද දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

වෙසක් පොහොය වෙනුවෙන් දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණකදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අපල දුරුවන ලෙස මෙලෙස තොරණ් කවි කීමක් සිදුව තිබේ.

වෙසක් තොරණ නැරඹීමට පැමිණි අයෙක් විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමාජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.

ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා  කරනු  ලැබීය.

Continue Reading

පුවත්

ලංකාව, ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි

Published

on

By

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශවික සංශෝධිත එකතාවලට එළැඹ තිබේ.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව මෙම ණය සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම ද්විපාර්ශවික සංශෝධිත ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාර්තු 25 සහ අප්‍රේල් 03 යන දිනවලදී ය.

ඒ හරහා ඉන්දියානු රජය සමග අමෙරිකානු ඩොලර් මිලියන 930.8 ක් පමණ වූ ණය පහසුකම් 8කට සහ මිලදී ගැනීමේ ණය පහසුකම් 4කට අදාල ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කර තිබේ. 

Continue Reading

පුවත්

මාස 5ට රිය අනතුරුවලින් ජීවිත 965ක් අහිමි වේ

Published

on

By

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved