පුවත්

පොලිසියට “සින්ගල් කැබ්” දෙන්න ඉන්දියාව හා අවබෝධතා ගිවිසුමක් (ඡායා)

Published

on

මෙරට පොලිස් ස්ථාන වල භාවිතයට “සින්ගල් කැබ්” රථ ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඊයේ (15) දින අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී ඇත.

ඉන්දීය රජයෙන් ලබාදෙන ශ්‍රී ලංකා රු. මිලියන 300 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත්, ඒ යටතේ අවම වශයෙන් ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවම වශයෙන් කැබ් රථ 80ක් මෙන්ම අමතර කොටස් හා අමතර උපාංග ලබාදෙනු ඇති බවත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක දැක්වේ.

Trending

Exit mobile version