පුවත්

පොලිසියෙන් ඇප් එකක්, නම “e-Traffic”

Published

on

රථවාහන වැරදි, වෙනත් අපරාධ සහ පරිසර හානි පිළිබද දැනුම් දීමට පොලිසිය අද (01) ඇප් එකක් හඳුන්වා දුන්නේ ය.

එය නම් කර ඇත්තේ e ට්‍රැෆික් (e-Traffic) ලෙසයි.

එම ඇප් එක භාගත කිරීමෙන් පසු, රථවාහන වැරදි , අපරාධ සහ පරිසර හානි පිළිබද වීඩියෝ දර්ශන, ඡායාරූප හා තොරතුරු අප්ලෝඩ් හෙවත් උඩුගත කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇප් එක එළිදැක්වීම අද සිදු කෙරුණි.

Trending

Exit mobile version