පුවත්

පොලිසියේ ලොකු පුටු 4කට හදිසි ස්ථානමාරු

Published

on

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ ස්ථාන මාරුකිරීම් සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම පුත්තලම, කොළඹ අපරාධ කොට්ඨාශය, මානව සම්පත් කලමනාකරණ කොට්ඨාශය සහ පොලිස් දුක්ගැනිවිලි යන ඒකක භාර නිලධාරීන් ද ස්ථාන මාරු කරනු ඇති බව වාර්තා වේ.

(නිවුස්රේඩියෝ)

Trending

Exit mobile version