පුවත්

පොලිසිය තෑගිදෙන්න ඔත්තුකාරයෝ සොයයි

Published

on

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17දා සිට ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම සාර්ථකව අත්අඩංගුවට ගැනීම් සිදුකරන අතර ඒ සඳහා තොරතුරු ලබා දෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතය.

Trending

Exit mobile version