Connect with us

පුවත්

පොලීසියේ තනතුරුවල බලතල සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Published

on

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජුනි මස පළමුවන දින එනම් හෙට දින සිට බලාත්මක වන පරිදි ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ.

එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පවරා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්. 

කෙසේවෙතත් එම නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් සේවය අතහැර යාම සම්බන්ධයෙන් කරනු ලබන නියෝගවලට එරෙහි අභියාචනා සලකාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබාදී තිබූ බලතල නව ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන්ට, පොලිස් පරීක්ෂක සහ පොලිස් පරික්ෂක නිලයට පහළ නිලයන් දරන නිලධාරීන් සහ පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සඳහා තම පරිපාලන බලප්‍රදේශය තුළ විනය ශාලා දඬුවම් නියම කිරීමට බලතල පවරා ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මේ අතර පොලිස්පතිවරයා හෝ පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පොලිස් නිලධාරියෙකු හට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි තවත් ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිසන් සභාව මගින් නිකුත් කර ඇත.

උසස්වීමක්, ස්ථාන මාරුකිරීමක් හෝ විනය කරුණක් සම්බන්ධයෙන් ලබාදුන් කිසියම් නියෝගයකට හෝ සේවයෙන් පහකිරීමක් පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට ඊට එරෙහිව ලිඛිත අභියාචනයක් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකිරීමේ හැකියාව පවතින බව එහි දැක්වෙයි.

ඊට අදාළ කොන්දේසි මාලාවක් ද ජාතික පොලිස් කොමිසම විසින් ගැසට් නිවේදනය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved