පුවත්

පොලීසියේ ලොකු පුටුවල වෙනසක්

Published

on

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ පොලිස් අධිකාරිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී. සිරිවර්ධන මහතා මාරුකර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

එමෙන්ම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එම්. එම්. කුමාරසිංහ  කුලියාපිටිය කොට්ඨාසයට මාරුකර තිබේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරිම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ද පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

Trending

Exit mobile version