Connect with us

පුවත්

පොලීසිය අධිකරණ තීන්දුවක් නොසළකා හරී

Published

on

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවත් පොලීසියේ බලධාරීන් විසින් අදාළ නියෝග සහ අවවාද නොසලකා හැර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.

2009 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී පොලිසිය විසින් තමන්ට අමානුෂික ලෙස සැලකීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා මේ බව පවසා තිබුණි.

ඒ විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමිනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉනෝකා නදිශානි සහ අනුජ සමන්ත යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවා තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස එවකට පෑලියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ අජන්ත පුෂ්පකුමාර, කිරිබත්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

එහිදී විනිසුරුවරයා පවසා ඇත්තේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද යම් වන්දියක් ගෙවා නඩුකරය සමථයට පත්කර ගැනීම වඩා යෝග්‍ය බවය.

ඒ අනුව,  විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මතය ලබන ඔක්තෝබර් 11 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අවවාද කරමින් එදින දක්වා පෙත්සම කල් තැබීමට නියෝග කළේය.

එහිදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කෲර වධහිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම අවශ්‍ය නියෝග, අවවාද හා මාර්ගෝපදේශ නිකුත් කොට ඇතත් ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනෙන බවය.

අධිකරණය විසින් මින් පෙර නිකුත් කර ඇති එකී නියෝග සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හෝ මේ දක්වා ඉදිරිපත් නොකිරීමෙන් එකී බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වී නොමැති බව පෙනී යන බවද විනිසුරුවරයා පවසා තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved