පුවත්

පොලී මුදලාලි මරා සිංගප්පූරු පනින්න ගිය ඝාතකයා දැලේ 

Published

on

පසුගිය අගෝස්තු 25 වැනිදා බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පලා යන බවට ලැබුණු තොරතුරක් මත අතුුගිරිය පොලිසිය විසින් ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගෙන ඇත.

එම අවස්ථාවේ සැකකරු සිංගප්පූරුවට ගොඩ බැස සිටි නමුත් යළි ආපසු හරවා, ලංකාවට ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලේදී  අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බව අතුුගිරිය පොලිසිය පවසයි.

ඉකුත් 25 වැනිදා යතුරු පැදියකින් ගොස් බත්තරමුල්ල දකුණු තලංගම, කොරෑඹ ප්‍රදේශයේ පදිංචි පොලියට මුදල් ලබා දෙන්නෙකු වන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අතුුගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

සබැඳි පුවත් :

බත්තරමුල්ලේ වෙඩි තැබීමේ CCTV දර්ශන පිටවෙයි (වීඩියෝ)

Trending

Exit mobile version