Connect with us

පුවත්

පොසොන් උත්සවයට අඩුපාඩු කරන්නෙ නෑ – අගමැති

Published

on

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සදහා මූල්‍ය ලෙසින් හෝ කිසිදු ආකාරයකින් අඩුපාඩුවක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ ඉල්ලීමකට පිළිතුරු ලබාදෙමිනි.

 අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය දක්වන ලෙසට ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලය විදුලි ආලෝක පූජාවට සහ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් මුදල් රජය විසින් ලබා දී නොමැති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසා තිබුණි.

මිහින්තලය විදුලි ආලෝක පුජාව මෙවර කිසිදු ආයතනයක් විසින් මෙතෙක් භාරගෙන නොමැති බවත්, එම කටයුතු සඳහා රුපියල් මිලියන 06ක පමණ මුදලක් වැය වන බවත් උන්වහන්සේ සඳහන් කළේය. 

ඒ අනුව මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක් හෝ සිදුකරන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දිනයේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්ණ නැගූ අතර, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ බුද්ධශාසන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් මේ බව විමසූ විටදී ඔහුට දැනගැනීමට ලැබුණේ මිහින්තලේ පුදබිමට පමණක් බුද්ධශාසන අමාත්‍යංශයෙන් ලක්ෂ 31ක් දිසාපතිවරයා හට යවා ඇති බවයි.

සමස්ථ පොසොන් කලාපය වෙනුවෙන් රාජ්‍ය අංශය විසින් සිදුකරන දායකත්වය පිළිබඳව බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරියේදී පැහැදිලි කිරිමක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved