Connect with us

පුවත්

පොසොන්  උත්සවයට ආණ්ඩුවෙන් සල්ලි දීලා නෑ; ධම්මරතන හිමියෝ පරළවෙයි

Published

on

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ (21) පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ,  මෙවර පැවැත්වෙන පොසොන් උත්සවය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, උතුරු මැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු නිලධාරින් සමග මිහින්තලා පුද බිමෙහි දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

දින දහයකින් පමණ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම උතුරු මැද පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මගහැර ඇතැයි නායක හිමියන් පැවැසූහ.

මෙහිදී උතුරුමැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේ ජනාධිපති වරයාගේ මූල්‍ය කළමනාකරණයට අනුව මෙවර පොසොන් උත්සවය සැමරීමට කටයුතු කළ යුතු බවයි.

මධ්‍යම පළාතේ පැවති වෙසක් උත්සවය සඳහා සත පහක මුදලක් වත් රජයෙන් ලබා නොගත් බව පැවසීමෙන් පසු එම සාකච්ඡාව තරමක් උණුසුම් තත්ත්වයක් ඇති වූහ.

මෙහිදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ ඓතිහාසික මිහින්තලා රජ මහ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවසූහ.

“පොසොන්  උත්සවය කියන්නේ අපේ සංස්කෘතියේ ආරම්භක පෝය,  මීට වසර 2331කට පෙර අපේ රටේ සිස්ටම් එක චේන්ජ් උනේ මෙතැනින්, මිථ්‍යාදෘෂ්ටිකයන්  සම්‍යක් දෘෂ්ටික යන් බවට පත් කලේ  මිහිඳු මහරහතන් වහන්සේ,

මේ පොසොන් පිංකමේ සභාපති වරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්  එතුමාට පුළුවන් දේ කරලා තියෙනවා, ඒ සීමාවෙන් එහාට එතුමට යන්න බෑ. පොසොන් පොහොයට තව දින 10යි. හැබැයි අද වෙනතුරු  දිසාපතිවරයා ඇරෙන්න කිසිදු විධායක නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් රැස්වීමට සහභාගි වෙලා කතා කරලා නෑ. මග ඇරලා තියෙන්නෙ. උතුරු මැද ආණ්ඩුකාර කාර්යාලයේ නියෝජිත හෝ උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් හෝ කිසිදු කෙනෙක් පැමිණ නැහැ. පොසොන් සතිය 31 පටන් ගන්නවා. පොසොන්  සති පිරිත 25 පටන් ගන්නවා.

ලක්ෂ 20ක පමණ ජනතාවක් මෙවර පොසොන් පෝයට පැමිණෙනවා. එත කොට ඒ අයගේ සනීපාරක්ෂාව, ආරක්ෂාව වගේම ජල විදුලිය අත්‍ය අවශ්‍ය වනවා.

රජයේ නිදහස් උත්සවය, ජනරජ පෙරහැර , බක්මහ උළෙල උත්සවාකාරයෙන් කලා, වෙසක් උත්සවය කලා එය අනිවාර්යයෙන් කළ යුතුයි,  රට  ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් දිනය සැමරුවා එයත් කළ යුතුයි.

ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වෙහෙර විහාරස්ථාන සියල්ල ඉදි වුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය නිසයි. රටේ ජනතාව ඒ උත්තමයා වෙනුවෙන් පෙළ ගැසෙන කොට රටේ නායකයෝ එය මග අරිනවා”

“මධ්‍යම පළාතේ  ආණ්ඩුකාරවරයා හරි අද මෙතනට පැමිණිය  එක ගැන සතුටු මම සතුටු වෙනවා. මේ පළාත් ඉන්න එඋන්ට පින නෑ මේවට සම්බන්ධ වෙන්න, ඒ අය වෛරයෙන් ඉන්නේ”

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ උතුරු මැද පළාත් වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා.

“අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සෙ  අද මේ රටේ තියෙන බෞද්ධ සංස්කෘතිය ඇති වුණා කියන කාරණාව, එය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම.

අද මම මෙම ස්ථානයට පැමිණියේ පෞද්ගලිකව ඔබ වහන්සේ මුණ ගැහිලා මගේ ඇමරිකා ඉන්න දියණිය ඇතුළු ඇමරිකාවේ දායක දායිකාවන් මිහින්තලා රජමහා විහාරස්ථානයට කළ දායකත්වය, එහි සංවර්ධන කටයුතු විමසීම සඳහායි.

දවස් 20ක් සදහා මාව ජනාධිපතිවරයා විසින් වැඩ බලන උතුරු මැද ආණ්ඩුමැද ආණ්ඩුකාරවරයා ලෙස පත් කරල තියෙනවා. ඒ නිසා මගේ යුතුකමක් වගකීමක් මිහින්තලය රජමහා විහාරස්ථානයේ පොසොන් උත්සවය මොන ආකාරයෙන් පවත්වනවා ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.

අපි මධ්‍යම පළාතේ වෙසක් උත්සවය සාර්ථකව නිම කළා, මෙවර වෙසක් උත්සවය සංවිධානය කරලා සැමරුවා. හැබැයි අපි එක ශත පහක් වත් රජයේ වියදම් කළේ නැහැ. සම්පූර්ණ වියදම අපි දරා ගත්තා පිටස්තර දානපතියන් ගෙන් සහ අන්‍යාගමික  සිද්ධස්ථානවල සිට ඒ සියලු දෙනාගෙන්, ඒ අය දායකත්වය ලබා දුන්නා. මොකද අපි රජයේ  අපහසු තාවයට පත් වෙලා ඉන්න අවස්ථාවක ආර්ථික අපහසුතාවක් තියන අවස්ථාවක ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා රාජ්‍ය මුදල් කළමනාකරණය කර ගෙන අපේ කටයුතු කරන්න කියලා.

පළමු කාරණය තමයි රට වැටිල තියෙන මේ අර්බුදයෙන් ගොඩ දාලා රට ගොඩ ගැනීම. රට අර්බුදයෙන් මුදවා ගත්තේ නැත්නම් අපේ හාමුදුරුවනේ අපට මේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ . ජනාධිපති තුමාගේ පළමු කාරණාව තමයි අපි එළඹෙන පොසොන් උත්සවය ජනතාව වෙනුවෙන් ඉතා හොඳින් පැවැත්වීම එය අපේ වගකීමක්”

ආණ්ඩුකාරවරයාගේ එම කතාවෙන් පසුව යළි අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් මෙසේ පැවසූහ.

“මූල්‍ය කළමනාකරණය හොඳයි, 1948 වසරේ සිට මූල්‍ය කළමනාකරණය කර ගත්තෙ නැති නිසා තමයි මේ හෙනය පත්තු වෙලා තියෙන්නෙ, මේ පොසොන් උත්සවයට කෝටි ගාණක් යන්නේ නැහැ . මේ  භූමිය අක්කර එකක්, දෙකක් තියන භූමියක් නෙමෙයි, අක්කර දහස් ගණනක් තියෙනවා, අඩුම මනුස්සයෙක් අතරමං නොවෙන්න නම් ශබ්ද විකාශන යන්ත්‍ර  දෙසීයක් දාන්න ඕනේ, මිනිස්සු මේ පුදබිම් වැඳ පුදා ගන්න හරි අමාරුවෙන් එන්නෙ, රථ ගාල් වලින්  මුදල් අය කරන්න එපා කියලා අපි දැනුම් දීලා තිබෙනවා, ජනතාවගේ සල්ලි වුනත් මූල්‍ය කළමනාකරණයක් කරන්න ඕනේ,

ඔබ තුමා කිව්ව වෙසක් උත්සවයට ශත පහක් වත් රජයෙන් ලබා ගත්තේ නැහැ කියලා. ඒ මුදල් අන්‍යාගමික අය පවා  ලබා දුන්න කියලා, අපිත් මාධ්‍ය හරහා පණිවිඩයක් යවමු ලෝකෙ ඉන්න අන්‍යාගමිකයන් අයට  මේවා මාධ්‍යයෙන් පරිවර්තනය කරලා දාන්න ආධාරයක් ලබා දෙන්න කියලා.

ඔබතුමා ගේ බිරිඳ දියණිය මේ විහාරස්ථානයට ලක්ෂ ගණනක උදව් උපකාර කරලා තිබෙනවා.ඒත් අද මම මේ කතා කරන්නේ ඔබතුමාට සිදු කළ කතාවට සහ රජයේ ප්‍රධාන නියෝජිතයෙක් ලෙස සලකලා.

ඔබතුමා කිව්වා දානපතියන් ගෙන් මුදල් රැස් කළා කියලා ඒත් මහනුවර වගේ කර්මාන්තශාලා මෙහෙ නැහැ, මිහිඳු මහරහතන් වහන්සේ කොළඹට වැඩිය නම් උත්කර්ෂවත් පොසොන් උත්සවයක් කරන්න තිබුණා. ඒ කොළඹ  දානපතියන් ගෙන් මුදල් එකතු කරලා, මේ අනුරාධපුර, නුවර කලාවියේ ඉන්නේ තුන්වේල කන්න බැරි දුප්පත් මිනිස්සු ” 
යැයි පැවසූහ.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved