පුවත්

පොසොන් උත්සවයට ලක්ෂ 288ක් වෙන් කර අවසන්!

Published

on

මෙවර පැවැත්වෙන පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබෙන බවට චෝදනා සාවද විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් මේ සඳහා රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් වෙන් කර අවසන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබුණු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම නිවේදනයට අනුව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර ඇත.

තවද, ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය එකඟත්වය පළ කර ඇති කර ඇති බවත්, ඊට අදාල කාර්යයන් රැසක් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතාද පවසා ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

Trending

Exit mobile version