Connect with us

පුවත්

පොසොන් පුර පසොළොස්වක පොහ‍ොය අදයි!

Published

on

අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (21) යෙදී ඇත.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදුව තිබේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන්වහන්සේ ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස සදහම් පණිවුඩය රැගෙන එලෙස පැමිණි බව බෞද්ධ පතපොතේ සඳහන් වේ.

මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඩයමේ නිරත වූ බව ඉතිහාසයේ සඳහන්.

රජතුමාට චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වුයේ ද අද වැනි උතුම් දිනකදී බව පැව‍සේ.

දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංඝයානාවෙන් පසු රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එම ධර්ම දූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වූ බවද විශ්වාසයයි.

එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රට වැසියන් බුදු දහම වැළඳගත් අතර, බුදු දහම ව්‍යාප්ත වීමත් සමඟ මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්‍ෂේත්‍රවල පුනර්ජීවය සිදුව ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේ දී දේශනා කළ විමානවත්තු, පේතවත්ථු හා සච්ච සංයුක්ත ධර්ම දේශනාව අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සෝවාන් ඵලයට පත්වූ බව බෞද්ධ පොතපතේ දැක්වේ.

ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවී ස්වාධීන ලෙස නැගී සිටියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදු දහමේ ආලෝකය ඔස්සේ බව බහුතර විශ්වාසයයි.

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved