පුවත්

පොසොන් වෙනුවෙන් විශේෂ ගමනාගමන පහසුකම් හා රථවාහන සැළසුමක්

Published

on

පොසොන් උත්සවයට සහභාගී වන ජනතාවගේ පහසුව සඳහා සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා  අතිරේක බස්රථ 400 ක් පමණ යොදවා ඇති  ,දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට ඩිපෝ කළමණාකාර මහත්වරුන්ට උපදෙස් ලබා දී  ඇතැයි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා පැවසුවේය.

මෙම බස්රථ සේවාවන්  අද පස්වරුවේ සිට ආරම්භ වෙන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම පැවසීය.

ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව පැවසිය.

අදාළ බස්රථ සේවාවන් පිලිබඳ විස්තර 1958 දුරකථන අංකය ඇමතීමෙන් හෝ මධ්‍යම බස්රථ කාර්යාලයේ විමසීම් අංශයේ දුරකථන අංක 011-2328081 හෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) ගේ දුරකථන අංක 077-1065032 ඇමතීමෙන් ලබා ගත හැකිය.

තව ද, මාර්ග ගත ක්‍රමය ඔස්සේ  https://sltb.eseat.lk/ යොමුව මඟීන් හෝ 1315 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සපයා තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ජේ.එන් ඉඳිපොලගේ මහතා  පවසයි.

ඒ අනුව, අද (20)  පස්වරු 4.45 ට කොළඹ කොටුවෙන් කුරුණෑගල බලා ධාවනය වන දුම්රිය හා සවස 5.20 ට කොළඹ කොටුවෙන් ගනේවත්ත බලා ධාවනය වන දුම්රිය මහව මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමටත්, රාත්‍රී 8.00 ට හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පොළොන්නරුව දක්වා ධාවනය වන විශේෂිත දුම්රිය ධාවනය කිරීමටත් කටයුතු ක‍රන බව හෙතෙම පැවසිය.

එමෙන්ම,  හෙට (21) දින බෙලිඅත්ත දිට මහව දක්වා ධාවනය කිරීමටත් කටයුතු කර තිබෙන අතර මෙම විශේෂිත දුම්රියයන් 21,22,23 යන දිනවල දී ධාවනය කිරීමට කටයුතු කෙරේ.

මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව රථ වාහන සැලැස්ම මෙසේයි.

https://experience.arcgis.com/experience/3a7263b77b964a0c91f26a99a94a78ac

Trending

Exit mobile version