පුවත්

පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීම් 4ක්

Published

on

වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට විශේෂ  ඉල්ලීම්  හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

සමෘද්ධි සහනාධාරය දිගටම  පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය දීම දිගටම කරගෙන යෑම,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන  යළි ලබාදීම සහ  රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම  එම ඉල්ලීම් හතර බව පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව  යවා  ඇති ලිපියකින් මෙම ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත.

රටේ  දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය සමෘද්ධි  ව්‍යාපාරය හෙයින්  එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනවිත් වෙනස් කිරීම සුදුසු නැති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට යැවූ  ලිපියෙන්  දැනුම්දී ඇත.

(ලංකාදීප)

Trending

Exit mobile version