පුවත්

පොහොට්ටුවෙන් තවත් මන්ත්‍රීවරයෙක් රනිල්ට සහයට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසයි.

විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ ජනපති රනිල්ට  පමණක් බව ද  ඔහු කියයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ලට ඡන්දය දුන්නත් රට කරවීමට ඔහුය පලපුරුද්දක් නොතිබුණු නිසා අරගලය හේතුවෙන් ඉවත්වීමට සිදුවීම නවක මන්ත්‍රවරයෙකු ලෙස තමන් අත්දැක්ක නරකම දේ බවද කපිල නුවන් අතුකෝරල මහතා කීහ.

අරාජික වෙද්දී රට භාරගත් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීහ .

Trending

Exit mobile version