පුවත්

පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම 10% ක් දක්වා වර්ධනය වී ඇති බවත්, එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පසුගිය 26 වැනිදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපල අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත්ත මාලිමාවේ ඡන්ද පදනම පහළට වැටිලා තිබෙන බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඔහු සඳහන් කලේය.

එහිදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි පැවසූ අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී ඒ මහතා පොහොට්ටුවේ නායකයින් උගන්ඩාවට මුදල් ගෙනිච්චා යැයි බොරු චෝදනා කර ජනතාව රවට්ටලා, ජනතාව නොමග යවලා වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිලි බවය.

Trending

Exit mobile version