Connect with us

පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම කල්යයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ.

ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබීය.

දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබු තීරණයත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේය.

“මට තේරෙන්නේ නෑ පොදුජන පෙරමුණ අවශ්‍ය මේ මැතිවරණය දිනන්නද? පරදින්නද? කියලා. ඒ නිසා පොදුජන පෙරමුණේ අති බහුතරය තීරණය කළා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීරණයක් තමා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම. මේ වෙලාවේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් විදියට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 80%ක් ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කළා. පළාත් සභාවලත් 90%ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න තීරණය කළා. පසුකාලීනව මේ ගත්ත තීරණය ගැන පොදුජන පෙරමුණ පසුතැවිලි වෙයි. පක්ෂය අපිව අයින් කරනවා නම් මහින්දානන්දලා, රත්වත්තේලා, අමුණුගමලා, ජයරත්නලා නැතුව පුළුවන් නම් ගිහින් මහනුවර දේශපාලනය කරන්න කියන්න. මිනිස්සු ඉන්නේ අපි එක්ක.”

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved