Connect with us

පුවත්

පොහොට්ටුවේ මන්ත්‍රීවරු අලෙවි වුණ හැටි තිස්සකුට්ටි හෙළිකරයි

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන් වී වෙනත් කඳවුරුවට ගොස් සිටින ඇමතිවරු, මන්ත්‍රීවරු අලෙවි වූ අයුරු තමා දන්නා බවත්, සැප්තැම්බර් 21 වෙනිදා නාමල් රාජපක්ෂට කතිරය ගැසීමට හේතුව නූතන දුටුගැමුණුගේ පුත්‍රයා වීම බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (01) මාතර දිස්ත්‍රික්කයේ සංවිධානය කළ ජන රැළිය අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ප්‍රාදේශීය සභාවේ ඉතුරු වෙලා ඉන්නේ ටිකයි. සේරම ගියා අවස්ථාවාදීව. මහ කට්ටිය ගියා බාර් පර්මිට් 2යි. තනතුරත් තිබුණා නම් බාර් පර්මිට් 4යි. සමහරුන්ට ලක්ෂ 1500යි. සමහරුන්ට 2500යි අන්තිම ඔෆර් එක, සමහරුන්ට 5000යි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වැඩි ගාණකට නෙවෙයි අලෙවි උණේ, ලක්ෂ 10යි. ලක්ෂ 10කට තමයි පාවා දුන්නේ ප්‍රදේශීය සභා මන්ත්‍රීකම, අපේ කඳවුර පාවා දුන්නේ ලක්ෂ 10ට. ඒකෙන් ඇඩ්වාන්ස් එක දුන්නේ ලක්ෂ 5යි. මම හොඳටම දන්නවා. ඡන්දේ මැදින් තව 5ක් දෙන්නම් කිව්වා. අමතර 50,000ක් දුන්නා තෙල් ටික ගහගෙන ස්ටාර්ට් කරපන් කියලා. 550,000යි දුන්නේ. තව ලක්ෂ 5ක් තමයි දෙන්න තියෙන්නේ. සභාපතිවරයෙකුට ලක්ෂ 50ක් දුන්නා. ඇඩ්වාන්ස් එක 10යි දුන්නේ. ඉතුරු 40 කෑලි දෙකකට විස්ස විස්ස දෙන්නම් කිව්වා…

ඇයි ඔබ පොහොට්ටුවට කතිරේ ගහන්න ඕනේ? ඇයි ඔබ වෙන පක්ෂෙකට කතිරේ ගහන්නේ නැත්තේ? කවුද මේ වෙනකොට පොහොටුවේ අපේක්ෂකයා? නාමල් රාජපක්ෂ කියන්නේ කවුද? මහින්ද රාජපක්ෂ කියන අසාහය නායකයාගේ අත්දැකීම් තියෙන, මහින්දගේ ජාන තියෙන, දකුනේ කකියන රුධිරය තියෙන එඩිතර මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් ජයග්‍රහණය කරපු නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂගේ පුතා.”

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved