පුවත්

පොහොට්ටුවේ හිටපු සභාපති ඇතුළු 9ක් බරපතල වැඩ ඇතිව හිරේට

Published

on

නාලන්ද එල්ලාවල ඝාතන සිදුවීම පාදක කරගෙන 1997 වසරේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනි තබා විනාස කිරීම, කඩයකට අනර්ථයක් සිදු කර රුපියල් 50,000ක හානියක් සිදුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 09 ‍දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2ක සහ වසර 7 1/2ක සිරදඬුවම් නියම කර තිබේ.

එම නඩුව ඊයේ (17) රත්නපුර මහාධිකරණයේදී කැඳවූ අවස්තාවේදී මේ තීන්දුව ප්‍රකාශ කර ඇත.

විත්තිකරුවන් ලෙස ඔවුන් 07 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත් කර තිබූ අභියාචනා පෙත්සමක්ද මීටපෙර නිෂ්ප්‍රභ කර තිබිණි.

ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 07 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2ක සිර දඩුවම් නියම කර ඇති අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

මූලාශ්‍රය – ලංකා ටෲත්

Trending

Exit mobile version