පුවත්

පොහොට්ටුවේ 56ක් බැසිල්ගේ කීම අහයි; රනිල් බැසිල් හමුව අද

Published

on

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන මේ අවස්ථාවේදී කතා කිරීම උචිත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට කැඳවා ඊයේ (20) සිදුකළ සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 56 දෙනෙක් එක්ව තිබේ.

මැයි 1 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව එහිදී සඳහන් කෙරිණි. ඒ පක්ෂයේ වෘත්තීය සමිතිවල සංවිධානයෙනි.

මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අරගලයෙන් පසු ගුවන් තොටුපොළට යාමට පවා ඉඩකඩ සලසා දුන්නේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් බවයි.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගි වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (21) සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇත. 

එහිදී ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

Trending

Exit mobile version