ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබේ
පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි.
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (07) පැවැත්විය.
එහිදී තීරණය කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්මින් මේ මස අග සිට ආරම්භ කිරීමටයි.