Connect with us

පුවත්

පොහොට්ටුව හයිප් කර පයිපේ රනිල් පැත්තට අරිනවා! ; ධම්මික වටේ යවනවද?

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයකු පත්කරන බවට කියමින් සිට අවසන් මෙහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සඳහා කටයුතු කරනු ඇති බව සමගි ජන බලවේගයේ දැඩි විශ්වාසය වී පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් සජබ ජ්‍යෙෂ්ඨයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “පොහොට්ටුව හයිප් කර පයිපේ රනිල් පැත්තට අරිනවා…ඒක තමයි ගේම් ප්ලෑන් එක, නැත්නම් ඒ පැත්තට යන මන්ත්‍රීලා ඊළග මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්නේ ‍මොන පක්ෂයේන්ද? ” යනුවෙන් ප්‍රශ්න කළ‍ේය.

මේ අතර, ද ලීඩර් වාර්තා කර ඇත්තේ පොහොට්ටු ජනපති අපේක්ෂකත්වයට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි එම
පක්ෂයේ නෙලුම් මාවත මුලස්ථාන ආරංචිමාර්ග පවසන බවයි.

 එය ලබන අගොස්තු 07 වැනිදා ප්‍රකාශ කරන බවද පැවසේ.

පක්ෂ නායකත්වය විසින් එම තීරණය ගෙන ඇති බවත්, එම තීරණය ධම්මික පෙරේරා වෙත දැනුම්දීමෙන් පසු ඔහු ඊට එකඟතාවය පලකල බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව එහි ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ‘අනිද්දා’ පුවත්පත කළ විමසීමක දීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කොට ඇති නිසා ඔහුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවට කරන ප්‍රකාශ නොසලකන බවත් පක්ෂය විශ්වාසය තබන්නේ මහජන නියෝජිතයන්ගේ ප්‍රකාශ ගැන නොව පක්ෂයත් සමග සිටින පාක්ෂිකයන් ගැන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved