පුවත්

“පොහොට්ටු අපේක්ෂකයා දිනවන්න සති 6කින් පුළුවන්”

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර සති 4ත් 6ත් අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයෙකු නම් කිරීමට ප්‍රමාද ඇයි ද? යන්න පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ය.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් නොකරන බව ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එකඟ වන එසේ ම ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි අපේක්ෂකයෙකු මේ මස අවසානයේදී නම් කරන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යාන්ත්‍රණය තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට තරම් ශක්තිමත් බවට විශ්වාසය පළ කළ නාමල් රාජපක්ෂ මහතා දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට බිම් මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කර ගෙන යන බව වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version