පුවත්

පොහොට්ටු ප්‍රබලයෝ රොත්තක් නෙලුම්මාවතට පැමිණීම අත්හරියි!

Published

on

අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයට පැමිණීම නතරකර දමා ඇතැයි වාර්තා වේ.

ඒ ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ද මෙතෙක් ඇමතිකම් නොලැබීමත්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන් බවද පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී. බී. රත්නායක, එස්. බී. දිසානායක යන මන්ත්‍රීවරුන් එසේ පක්ෂ කාර්යාලය වර්ජනය කරන ලද පිරිස අතර ඇතැයි පැවසේ.

මේ අතර ‌කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූර වෙනසද පොහ‌ොට්ටු පක්ෂය තුළ බරපතල ගැටුම් ඇති පර ඇතැයි පැවසේ.

මෙම තත්වය හමුවේ පොහොට්ටුව තුළද කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

Trending

Exit mobile version