පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට සූදානම්වන බව වාර්තා වේ.
මෙසේ විදෙස්ගතවීමට සූදානම්වන්නේ පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) පාර්ලිමේන්තුවට තේරී පත්වූ තිදෙනෙකි.
පාර්ලිමේන්තුවට යළි පත්වීමට ඇති අවිනිශ්චිතතාවද ඔවුන් රට හැර යාමට තීරණය කිරීම කෙරෙහි බලපාන්නට ඇති බවත් ඉහත ආරංචි මාර්ග පැවසීය.
මේ අතර මන්ත්‍රිවරු තිදෙනෙක් රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී සඳහන් කර ඇතැයි පැවසේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා හා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාද පසුගිය දිනවල මන්ත්‍රි ධුර හැර ගිය අතර, උද්දික ප්‍රේමරත්න මහතා මේ වනවිට කැනඩාවට ගොස් සිටියි.
මේ අතර, අලුත් සන්ධානයේ නිර්මාතෘවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිලමල් ලන්සා ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමේ සටනින් ජය ගැනීමට නොහැකි වුවහොත් ඔහුද විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ වන විට ද ලන්සා සමහතාගේ පවුලේ අය පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.
කෙසේවුවද, සිය ඥාතීන් විදේස්ගතව සිටියදී මෙරට දේශපාලනය කිරීමේ ආදර්ශය සැපීමේ පුරෝගාමියා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
ඔහු මේවන විටද ඇමරිකානු පුරවැසියෙකි.