පුවත්

පොහොට්ටු මන්ත්‍රීලාට නිකන් නිවාස දුන් කාලය ජුලිවලින් අවසන්!

Published

on

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම්දී ඇත.

ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.

එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් දේපළ අහිමි වූ ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. 

මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.

Trending

Exit mobile version