හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා තිබේ.
මේ පිරිස මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත්තේ 22 හැවිරිදි තරුණයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලව ඇති පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍ත්‍රී අනුර හේවාමාන්න මහතා තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි පවසමිනි.
සදලු සන්තුෂ් නැමැති තරුණයකු මෙසේ ඝාතනය වී ඇති අතර සැකකරු හිටපු මන්ත්‍රී සාලිය දිසානායක මහතාගේ ගෝලයෙක් බව පැවසේ.
සාලිය දිසානායක හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොයුරෙකි.
කාන්තාවන් සහ පිරිමින් 200කට ආසන්න පිරිසක් එහි සිටි අතර පිරිමින් වැඩි පිරිසක් බීමතින් සිටි බව පොලිසිය කියා සිටී.
කලහාකාරීම හැසිරුණු පිරිස යම් විදියයකින් පොලිසියට ඇතුළු වුවහොත් රාජකාරි නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත.
කෙසේ වුවද පසුව එම පිරිස පොලිසිය ඉදිරිපිටින් ඉවත්ව මාර්ගයට වී පැයක් පමණ කාලයක් විරෝධයේ නිරතව විසිර ගොස් ඇත.