පුවත්

පෝට් සිටියට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක්

Published

on

මේ වන විට චීනයේ සංචාරයක නිරත වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා තිබේ.

මෙම හමුව සිදුවූයේ බෙයිජිං අගනුවර පිහිටි CHEC සමාගමේ මූලස්ථානයේදීය.

මෙහිදී CHEC සභාපති බායි යින්ජාන් මහතා විසින් විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදුකිරීමට කටයුතු කරන බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය මධස්ථානයෙන් අරඹන බවත් සනාථ කළ බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Trending

Exit mobile version