පුවත්

පෝර්ට් සිටියේ ඉඩම් කට්ටි 4කට ආයෝජනයෝ එති!

Published

on

තෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

නැව් සහ ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව අමාත්‍යවරයා ෂිංහුවා පුවත් සේවය වෙත පවසා තිබේ.

කොළඹ වරාය නගරයට පළමු වසර පහ තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් බිලියන 5 කට වැඩි ආදායමක් ගෙන ඒමට හැකි බව ඔහු පැවසීය.

වරාය නගරය පාලනය කරන නීති කඩිනමින් ගැසට් කිරීමට රජය කටයුතු කරන බව ඔහු මේ සතිය මුලදී පාර්ලිමේන්තුවට පැවසීය.‍ෙමුහුදෙන් ගොඩකරන ලද හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයකින් වරාය නගරය සමන්විත වෙයි.

Trending

Exit mobile version