පුවත්

පෝර්ට් සිටි ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් ඇරඹෙයි

Published

on

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම ඊයේ (12) සිදු කෙරිණි.

මේ ව්‍යාපාරික මධ්‍යස්ථානය තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මකය.

2024 වසරේ තුන් වන කාර්තුව වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වර්ග අඩි 120,000 ක වපසරියකින් සහ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත වේ.

මේ ව්‍යාපෘතිය මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සහ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ කැපවීම ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම ව්‍යාපෘතික් ලෙසද සැලැකේ.

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ මුල් ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චී ජන්හොංග්,  ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධක සමාගම ලෙස කටයුතු කරන  CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ යන මහත්වරු  මෙන් ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විදෙස් ආයෝජකයින්, මෙරට තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍රවල නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

Trending

Exit mobile version