Connect with us

පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ

Published

on

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූ බව ‘ලංකාදීප’ වාර්තා කරයි..

හෙක්ටයාරයකට රුපියල් 25000ක බැගින් ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කළ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම මැතිවරණය අවසන් වන තෙක් නතර කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වූ අතර දේශපාලන පක්ෂ කිහිපයක්ද පොහොර සහනාධාරය ලබාදීමට විරෝධයක් නැති බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබූ බවයි.

මැතිවරණ කොමිසමේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතාද අද (03) පවසා ඇත.

ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී  QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා.”

“රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවත් ඇති වෙන්නේ නැහැ. රුපියල් 15,000ක් කලින් දීලා මැතිවරණයෙන් පසුව රු 10,000 ලබාදෙන විදියට සකස් කරන්නත් පුළුවන්. රු 25,000 වුණත් ලබාදීමේ ගැටලුවක් මං දකින්නේ නැහැ.” 

“මැතිවරණ කොමිසම දැනුම්දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩි කිරීම් මැතිවරණයෙන් පසුව දෙන්න කියලා. ඕන තරම් පොහොර තිබෙනවා.” 

“මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 8 සඳහා පොහොර ලබාදීමට රජයට රුපියල් බිලියන 20ක වියදමක් යනවා. ගොවියන්ගේ පුද්ගලික ගිණුමට සෘජුවම ඒ මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ.”

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading

පුවත්

ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

Published

on

By

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර  සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රජය විසින් මෙම කාර්යයේදී දක්වන ලද  සහයෝගය සම්බන්ධයෙන් බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach)  ස්තුතිය පළ කළ අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බවද ප්‍රකාශ කළාය.

යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ ඇත. ඒ අනුව, ඔවුන්, එම කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයෙහි මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී, එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ තිබේ.

එහි ආරම්භයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දෙර‌ටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමටද  අපේක්ෂා කෙරේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත තානාපතිනියගේ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved