Connect with us

පුවත්

පෝස්ටර් ගලවන්න පොලීසියෙන් මෙහෙයුමක්

Published

on

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 ) සිට ආරම්භ කර ඇති බවට පුවතක් ‘දිවයින’ වාර්තා කරයි.

ඒ අනුව, නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

මූලස්ථාන පොලිසියකට කම්කරුවන් සිව්දෙනකුද එක්  පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනකුද අනෙකුත් සියලුම පොලිස් ස්ථානවලට කම්කරුවන් දෙදෙනා බැගින්ද බඳවාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වේ.

මෙසේ බඳවා ගන්නා එක් කම්කරුවකුට රුපියල් 1500ක දෛනික දීමනාවක් ලබාදෙන අතර ඔවුන් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් පොලිස් බලප්‍රදේශයේ ඇති සියලු නීති විරෝධී කටවුට්, බැනර්, පෝස්ටර්, සැරසිලි ඉවත් කිරීමට නියමිතය.

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පවසා  ඇත්තේ මෙම කටයුත්ත අපක්ෂපාතී අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved