පුවත්

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට

Published

on

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ .

නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන බව සඳහන්ය .

ඒ අනුව, පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

Trending

Exit mobile version