බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති බවයි.
බඹර ප්‍රහාරයකින් බේරීමට තවත් තිදෙනෙකු සමග මෙම සිසුවා ද දිව යන අතරවාරයේ ගලකින් පහළට ඇද වැටී ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.