Connect with us

පුවත්

ගාල්ල බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශන ඇරඹෙයි

Published

on

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (26) ඇති වු ගැටුම පිළිබඳව පිළිබඳව මාතර සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සහකාර බන්ධනාගාර අධිකාරීවරයා විසින් අද (27) සිද්ධිය සම්බන්ධයෙන් රැදවුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී .දිසානායක මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ අදාළ ගැටුමට සමුබන්ධ රැඳවුවන් තිදෙනකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බවයි. එමෙන්ම අදාළ ගැටුම පිළිබඳව අධිකරණයට අද කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.

මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ රැඳවුවන් සිව්දෙනකු කරාපිටිය ජාතික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

ගාල්ල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවුවන් දෙපිරිසක් අතර වූ මෙම ගැටුම එහි රඳවා සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගේ කණ්ඩායම් සාමාජිකයන් අතර හටගත් බවයි.

මේ කල්ලි දෙක අතර මෙයට දින 5කට පමණ පෙර බන්ධනාගාරය තුළ බහින්බස් වීමක් සිදුවි ඇති බවත් එයින් පසුව ඊයේ යළිත් ඔවුන් මෙසේ ගැටුමකට යොමු වී ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.


(පෙර පුව​ත: 2025 ජනවාරි 27, පෙ.ව.07:07)

බටුමීයා හා කරන්දෙනිය සුද්දාගේ ගෝලයෝ ගාලු හිරගෙදර යකා නටයි

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක දෙපිරිසක් අතර ඊයේ (26) සවස ඇතිවූ ගැටුමකින් රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් පස් දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම ගැටුම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයටත්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදී ඇත.

විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය හා මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි බටුමීයා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු පාර්ශ්වය අතර පැවැති ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බටුමීයා ඇතුළු පස් දෙනකු පසුගිය දෙසැම්බර් මාසයේදී මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ එම නිවසේ විසූ පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධියකට අදාළවය.

මොවුන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළදී බටුමීයා නැමැත්තාට, උල් කටුවකින් ඇන තුවාල සිදුකර තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පිරිසක් විසිනි.

කරන්දෙණිය සුද්දාගේ ප්‍රතිවාදියකු වන තමන්ට සුද්දාගෙන් මරණ තර්ජන තිබෙන බවට බටුමීයා නමැත්තා විසින් කල් ඇතිව පැමිණිලි කර තිබුණු බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ගැටුමෙන් පසු ඊට සම්බන්ධ රැඳවියන් පිරිසක් ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

කෙසේවෙතත් ඊයේ එක් පාර්ශ්වයක කිහිප දෙනකු බන්ධනාගාරයේ නාන තටාකය අසල දිය නාමින් සිටියදී තවත් රැඳවියන් පිරිසක් පැමිණ එම පිරිසට පහරදී ඇති බවත් ඉන් පසු පහර කෑ පිරිසට සම්බන්ධ රැඳවියන් ද අනෙක් පිරිසට පහරදී ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැටුම අතරතුර එක් රැඳවූවකු බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට දිව ගොස් ඇතත් එම කාර්යාලය තුළදී ද එම රැඳවියාට උල් ආයුධයකින් පහර දී ඇත. 

මෙම ගැටුමේදී ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට ද හානි සිදුවී ඇත.

මෙම ගැටුමට දෙපාර්ශ්වයේම එකසිය පනස් දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කර ඇති බවත් වැඩිදුර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියි.

කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සහ අනික් පාර්ශ්වය අතර කලක සිට පවතින කෝන්තරයක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තරකොට ඇති අතර ගාල්ල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved