පුවත්

බඩඉරිඟු තියන් ඉන්න එපා – අමාත්‍යංශය

Published

on

මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
බඩඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙන අතර, බඩඉරිඟු මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දැනට බඩ ඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Trending

Exit mobile version