පුවත්

බණ්ඩාරවෙල සිසු ගැටුම : අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප (Update)

Published

on

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසැල් සිසු කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සිසුන් පස්දෙනා ඇප මත මුදාහැර තිබේ.

මොවුන්ව අද සවස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පාසල් සිසුන් පස් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කළ අතර, සෑම මසකම අවසන් ඉරුදින ⁣ 9 – 12ත් අතර බණ්ඩාරවෙල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසද බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝගය කර ඇත.

——————————————–

මුල් පුවත -9 : 56 පෙ.ව. 2023 මැයි 23

බණ්ඩාරවෙල සිසු ගැටුම : 5ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල සංසරණය වන එම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

එහිදී සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීම සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අදාළ ස්ථානයේ දබර කර ගැනීම හේතුවෙන් තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බව පොලීසිය පැවසුවේය.

සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version