පුවත්

බණ්ඩි පොහොර මිල 50%කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Published

on

බණ්ඩි පොහොර (MoP) මිල තවත් සියයට 50කින් අඩු කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එම බණ්ඩි පොහොර වල පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Trending

Exit mobile version