Connect with us

පුවත්

බත්තරමුල්ලේ වෙඩි තැබීමේ CCTV දර්ශන පිටවෙයි (වීඩියෝ)

Published

on

බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේවන විට පිටව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු තලංගම, කොරෑබ ප්‍රදේශයේ පදිංචි ජනක පුෂ්පකුමාර නැමැති 43 හැවිරිදි, මුදල් පොලියටලබා දෙන පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබිණි.

පුවත්

එජාප හා සජබ අතර එකඟතාවක්

Published

on

By

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අද (19) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත.

එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

Published

on

By

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

By

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved