පුවත්

බද්දට දුන්නෙ අයි නාලිකාවේ ගුවන්කාලය – බන්දුල (වීඩියෝ)

Published

on

ලයිකා සමූහය වෙත බදු පදනම මත ලබාදී ඇත්තේ රූපවාහිනි සංස්ථාව සතුව ඇති අයි නාලිකාවේ ගුවන්කාලය බව ජනමාධ්‍ය ඇමති – බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

“ඉතාම අලාභ ලබන අයි නාලිකාවේ ගුවන්කාලය පමණක් කෙටිකාලීන ගිවිසුම් සම්බන්ධතාවයක් මත රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරලා, මගෙත් අනුමැතිය ලබාගෙන කෙටි කාලයකට ගුවන් කාලය බද්දකට ලබාදීලා තියෙනවා විශාල බදු මුදලකට,” යැයි ඔහු කියා සිටියේය.

මසකට රු. මිලියන 25කට මෙම ගුවන් කාලය බදු දී ඇති බවත් ඔහු පැවසීය.

රූපවාහිනි පනත යටතේ අධ්‍යයක්ෂක මණ්ඩලයට වාණිජ කටයුතු සඳහා නීතිමය බලය ලැබී තිබෙන විටදී ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කළ හැකි බවත් පැවසූ ඇමතිවරයා, මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට අවශ්‍ය නොවන බව කැබිනට් මණ්ඩලය පෙන්වා දුන් බවත් පැවසීය.

ඇමතිවරයා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය :

Trending

Exit mobile version