Connect with us

පුවත්

බදුල්ලට යන දුම්රිය නානුඔයට සීමා වෙයි

Published

on

අද (23) සිට නැවත දැනුම්දෙන තුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවය.

අධික වැසි සහිත තත්ත්වයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නායයෑමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

තවද වැසි සහිත කාලගුණයත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සමනලවැව හල්පේ ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයෙන්  සහ සීලගම ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බව වාර්තා වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved