බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අද පෙරවරුවේ බදුල්ලෙන් ගමන් ආරම්භ වු මෙම බසය උඩුවර හතේ කණුවේ ප්‍රදේශයේ දි පෙරළී ඇත. මේ වන විට තුවල කරුවන් බදුල්ල රෝහලට රැගෙන එන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස රොද හතරම උඩට සිටිසේ පෙරළී ඇති අතර බසය පෙරලී නොවැතුනේ නම් බදුලු ඔය දක්වා පෙරළෙන බව ප්‍රදේශවාසියෙක් පැවැසීය.