සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම් වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලාය.
එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
මූලාශ්‍රය : අද දෙරණ