Connect with us

පුවත්

බන්දුලගේ බස්එකත් පහුවදාම නැවතිලා; බස් ණයට ගත්තට දුවන්න ඩ්‍රයිවර්ලා නැහැ

Published

on

පොළොන්නරුවේ දුශ්කර ගම්මානවල සිටින දරුවන් ප්‍රවාහනය කිරීමට පොළොන්නරු ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය නතර කර දමා ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ප්‍රවාහන මහාමාර්ග හා  ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එම ගම්මානයේ ඉකුත් 09 වැනිදා පැවති උත්සවයකදී මෙම බස් රථය ලබා දුන්නද පසු දිනයේ සිටම එය නතර කර ඇතැයි පැවසේ.

මෙම බස් රථය වැලිකන්ද ගල්තලාව, රිදීපොකුණ, අලුත්වැව, ගිනිදමන, නෙළුම්වැව, බොරවැව යන දුෂ්කර ගම්මානවල පාසල් දරුවන් වෙනුවෙන් වෙන්කර තිබිණි.

ඉන්දීය රජයේ ණය පහසුකම් යටතේ ලබාදුන් බස් රථ පන්සියයෙන් බස් රථ දාසයක් පොළොන්නරු ඩිපෝවට ලබාදීමෙන් පසු ඉන් එක් බස් රථයක් වැලිකන්ද, අලුත්වැව ප්‍රදේශයේ ගම්මාන හතක දරුවන් පොළොන්නරුවේ ප්‍රධාන පාසල් සඳහා ප්‍රවාහනය කිරීමට ලබාදී තිබිණි.

ඉකුත් 10 වැනිදා පමණක් තම ගම්මාන හතේ දරුවන් එම බස් රථයෙන් පාසල් සඳහා ප්‍රවාහනය කළද එම බස් රථයෙන් ආපසු දරුවන් නිවසට රැගෙන නොආ බවත්, වෙනත් බස්රථවලින් ඒමට සිදුවූ බවත් දෙමව්පියෝ සඳහන් කරති.

මේ අතර, පොළොන්නරුව ලංගම ඩිපෝ අධිකාරි ඩී.ඒ. ප්‍රේමසිරි මහතා මාධ්‍යට පවසා ඇත්තේ එය එතරම් විශාල ප්‍රශ්නයක් නොවන බවත්, සේවක හිඟය හේතුවෙන් අදාළ බස් රථය ධාවනය කිරීමට නොහැකි බවත්, ඉදිරියේදී නැවත එම බස් රථය ලබාදෙන බවත්ය.

බස්රථ දාසයක් ලැබුණද රියැදුරන් අටදෙනෙකු නොමැති වීම නිසා එම බස්රථ 16න් අටක්ම ඩිපෝවේ ගාල්කර තැබීමට සිදු වී ඇතැයි  පාසල් බස් රථය ලබාදීමේ උත්සවයට පැමිණි පොළොන්නරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රමගෙන් මහතා මාධ්‍යට පවසා ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved