කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගැනීමට නියමිත බවද පැවසේ.
එම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රේල් පීලි 2359 ක් සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක් යොදා ගැනීමට නියමිතය.
ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.
කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය ඉතා දුර්වල තත්වයක පැවතීම හේතුවෙන් දැනට එහි වේග සීමා පනවා ඇත.
අදාළ සංවර්ධන කටයුතු කඩිනමින් නිමා කිරීමෙන් අනතුරුව එම දුම්රිය මාර්ගයේ පවතින වේග සීමා ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි.