Connect with us

පුවත්

බන්දුල හා මධූර කිඹුලාවල කඩ කඩන්න හදන්නේ පිටගම්කාරයෝ පන්නන්නද?

Published

on

කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් කිරීමට සැලැසුම් සකස් කරනු ලබන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් බවට එම කඩ හිමියන්ගෙන් චෝදනා එල්ලව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ කඩ හිමියන් පිටගම්කාරයින් නිසා බවද පැවසේ.

මෙහි මේවන විට කඩ 24ක් පමණ ඇති අතර මීට පෙර ‌මෙහි කඩ 34ක් තිබී ඇත.

කඩ හිමියන් වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශවල සිට මෙතනට පැමිණ වෙළඳාම් කරන අය බවද පැවසේ.

මේවන විට එහි වෙළඳාම් කරනු ලබන Street Foods වෙළඳ සැල් හිමියන් විසින් සංගමයක් ද පිහිටුවාගෙන ඇති අතර ඉකුත් සතියේ ඔවුන් හා ජනාධිපතිතුමා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන්ට එහි ජංගම කඩ පවත්වාගෙන යාමට අවසරයක් ලබාදී ඇති බවද පැවසේ.

කෙසේවුවද, ‌ඔවුන්ට අදාළ අවසරය ලබාදී ඇත්ත‌ේ ජංගම වෙළඳ සැල් පවත්වාගෙන යමින් රාත්‍රියට පමණක් වෙළඳාම් කිරීමටය.

ඒ අනුව තවත් දින 10ක් තුළ අදාළ ස්ථිර වෙළඳ කුටි ඉවත් කරගන්නා ලෙස මේවන විටත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දී ඇත.

එසේම ඔවුන්ට හෙට (13) මේ සඳහා වෙනත් විකල්ප යෝජනා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස දක්වා තිබේ.

ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කිඹුලාවල STREET FOOD වෙළඳ සංගමයේ සභාපති සිසිර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔවුන් විසින් මේ කඩ හිමියන්ට ‌ සිය වෙළඳාම කරගෙනයාමට විකල්ප ස්ථානයක් ලෙස අපේ ගම පරිසරයෙන් කොටසක් මීට පෙර ඉල්ලා සිටි බවයි.

මුළින් ඒ සදහා ඒකඟතාවය ලබාදී පසුව ඉන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන බව කියමින් ඒය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේවුද, ඉකුත් සතියේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ”මේක මෙහෙම කරගෙන ගියොත් ලොකු ප්‍රශ්නයක්. මේක අයින් කරන්න ඕනෑ. ලොරි දාගෙන බස් දාගෙන පළාතේ ඉඩම් කෑලි අල්ලාගෙන. මේක මාෆියාවක් වගේ වෙලා තියෙන්නේ.” යැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා මේ කඩවලට සිය විර‌ෝධය පල කර ඇති බවයි.

මේ අතර විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද නීත්‍යානුකූලව මෙවැන්නක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට එහිදී කරුණු පැහැදිළිකර තිබේ.

සබැඳි පුවත් :

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved