Connect with us

පුවත්

බන්ධනාගාරයේදී මැරුණ තරුණයාට දෙහිවල පොලිසියේ  දින 3ක් තියාගෙන ගහලා

Published

on

දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණ විවාහකයකු පෙරේදා (06) හදිසියේ අසනීප වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට මාරුකර යැවීමේදී මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සඳුන් වාසනා නමැති තරුණයෙකි.

ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා අංක 11/6, සිරිසඟබෝ පාර, කවුඩාන දෙහිවල ලිපිනයේ පිහිටි නිවසට කඩාවැදුණු දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් මියගිය තරුණයාට අමානුෂික අන්දමින් පහර දෙමින් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.

සොරකම් සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් එසේ අත්අඩංගුවට ගැනීමෙන් දින තුනකට පසුව පොලිසිය මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔවුහු පවසති.

මියගිය තරුණයාගේ ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදී දුරකථන ඇමතුමක් ගෙන නිවසට කතා කළ ඔහු පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු පමණ තමන්ට වටකර පහර දුන්නේ යැයි සඳහන් කළ බවය.

මියගිය තරුණයා බන්ධනාගාරය තුළදී හදිසි ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසුව මරණයට පත්වූයේ පොලිසිය සිදුකළ අමානුශික පහරදීම් හේතුවෙන් බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඥාතීහු කියති. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහළොවක් සමග ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පුද්ගලයා ඇතිවූ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 15 වැනි වාට්ටුට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි දෙහිවල පොලිසි යේ නිලධාරියෙක් පැවසූ බව “දිවයින” පුවත් පත වාර්තා කර තිබේ.

ඔහු එසේ මරණයට පත්ව ඇත්තේ බන්ධනාගාරගත කිරීමෙන් දින නවයකට පසුව බව ද අදාල නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved